වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට කොවිඩ් ආසාදිත වී ඇතැයි වාර්තා වේ.
සිය මුහුණු පොතේ සටහනක් තබමින් ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර ඇත .
අමාත්‍යවරයාගේ කාර්ය මණ්ඩල නිලධාරීන් කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදිත බවට තහවුරු වීමත් සමඟ සිදුකරන ලද ඇන්ටිජන් පරීක්ෂණයේදී තමන් ද කොවිඩ් ආසාදිත බවට හඳුනා ගත් බව අමාත්‍යවරයා සිය මුහුණු පොතේ සඳහන් කර ඇත.
වෙළද අමාත්‍යවරයා ඊයේ 27 ජනාධිපති මැදුරේ පැවති කෝවිඩ් රැස්වීම සඳහා ද සහභාගි වී සිටියේය .