27 C
Colombo
28/11/2024

ක්‍රෙඩිට් – ඩෙබිට් කාඩ්පත් හරහා සිදුකරන සියලු ඩොලර් ගෙවීම් සඳහා සියයට 12 ක අතිරේක ගාස්තුවක්!

Share with your friends :

ක්‍රෙඩිට් කාඩ්පත් හෝ ඩෙබිට් කාඩ්පත් හරහා සිදුකරන සියලු ඩොලර් ගෙවීම් සඳහා දැනට අයකරන ගාස්තුවට අමතරව තවත් 9.5% ක ගාස්තුවක් අයකිරීමට සියලු වාණිජ්‍ය බැංකු තීරණය කර ඇත. ඇතැම් වාණිජ්‍ය බැංකු සැප්තැම්බර් 01 වැනිදා සිට මෙම අයකිරීම් සිදු කරන අතර වාණිජ්‍ය බැංකු කිහිපයක් අගෝස්තු 25 වැනිදා සිට මෙම අය කිරීම් සිදු කරයි.
ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පත් ආධාරයෙන් සිදු කරන ඩොලර් ගෙවීම් සඳහා මේ දක්වා 2.5% ක විදේශ විනිමය ගැළපුම් ගාස්තුවක් පමණි. එම ගාස්තුව 7% දක්වා ඉහළ දමා ඇත.
මීට අමතරව 5% ක සැකසුම් ගාස්තුවක්ද අය කිරීමට තීරණය කර ඇත.
ඒ අනුව යම් පුද්ගලයෙක් රුපියල් ලක්ෂයක වටිනාකමක් ඇමරිකානු ‍ඩොලර්වලින් සිදු කරන්නේ නම් ඔහු අතිරේකව රුපියල් 12,000 ක මුදලක් අදාල බැංකුව වෙත ගෙවීමට සිදුවනු ඇත.

Share with your friends :