සංචාරක වීසා මත ශ්‍රී ලාංකිකයන්ට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ඇතුළුවීම සඳහා එරට රජය අවසර ලබාදී ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට මෙම අවසරය අද සිට බලපැවැත්වෙන පරිදි ලබාදී ඇති බවද එම තානාපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
මීට පෙර එරටට යෑමට අවසර හිමි වූයේ නේවාසික හා ශ්‍රමික වීසා බලපත් හිමි ලාංකිකයින්ට පමණකි.
ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, නේපාලය, නයිජීරියාව, පාකිස්ථානය සහ උගන්ඩාව යන රටවල පුද්ගලයින්ට ද සංචාරක වීසා මත එක්සත් අරාබි එමිර් රාජ්‍යයට ඇතුළුවීමට අවසර හිමිවී ඇත.
මේ අතර එතිහාඩ් ගුවන් සේවය අද දිනයේ සිට ශ්‍රී ලංකාව සහ ඩුබායි අතර ගුවන් ගමන් ආරම්භ කර ඇති බවද අබුඩාඩි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.
සියලු ගුවන් මගීන් කොවිඩ් -19 සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ගමන් කිරීම අනිවාර්ය බව එතිහාඩ් ගුවන් සේවය නිවේදනය කර තිබේ.