27 C
Colombo
24/11/2024

ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ධුරයෙන් ඉවතට

Share with your friends :

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකානු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් එම තනතුරින් ඉවත් කර තිබේ.
නව ආරක්ෂක ලේකම්වරයා ලෙස ක්‍රිස්ටෝපර් මිලර් පත් කර තිබේ.
පසුගිය සති කීපය පුරා ට්‍රම්ප් ජනාධිපතිවරයා තම ආරක්ෂක ලේකම්වරයා සමග උරණවී සිටියේ පසුගිය කාලයේ ඇමරිකාව පුරා විහිද ගිය මහජන කැළඹීම් පාලනය කරන්නට ඇමරිකානු හමුදා කැඳවන ලෙස ට්‍රම්ප් කල දැනුම්දීමට විරුද්ධව කටයුතු කිරීම මෙම ගැටුමට හේතු විය. එහිදී ආරක්ෂක ලේකම්වරයා පවසා තිබුනේ සක්‍රිය සේවයේ ක්‍රියාන්විත හමුදා සෙබළුන් එවැනි මහජන විරෝධතා මැඩලීමට අවශ්‍ය නොවන බවයි.
මේ අතර ජනාධිපති ට්‍රම්ප් තවමත් ඇමරිකානු ජනාධිපතිවරණයේ පරාජය පිළිගෙන නැත. ව්‍යවස්ථානුකූලව 2021 ජනවාරි 20 වැනිදා ජෝ බයිඩන් නව ජනාධිපතිවරයා ලෙස වැඩ භාරගන්නා තුරු ඇමරිකානු ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ය.

Share with your friends :