ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කරමින් නිවැරදි විශ්වාසනීය තොරතුරු ලබාදීම සඳහා අපි අපගේ වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබනවා.
මෙවන් අවස්ථාවක අපගේ වෙබ් අඩවියේ සන්නාම භාවිතා කරමින් සහ ඊට සමාන ආකාරයෙන් පවත්වාගෙන යන තවත් වෙබ් අඩවියක් පිලිබදව පිළිබඳව අපට තොරතුරු වාර්තා වුණා. මුලින්ම කිව යුතු වන්නේ මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝණය කරමින් පවත්වාගෙන යන එම වෙබ් අඩවිය සමග කිසිදු සම්බන්ධතාවයක් අප නොපවත්වන බවයි. එම වෙබ් අඩවියට අනුබල දීමක් හෝ ආධාර දීමක් අප විසින් සිදු නොකරන අතර අපගේ බුද්ධිමය දේපොළ සොරා කමින් සිදුකර ඇති පහත් ක්‍රියාවන් අප විසින් තරයේ හෙලා දකින්නෙමු . මෙම තත්ත්වය තුළ එම වෙබ් අඩවියට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද අපි විසින් කටයුතු කරමින් සිටිමු. අපගේ සහෘද පාඨකයන්ට දැනුවත් කිරීමට ඇත්තේ ඔබ සියලු දෙනාගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කරමින් නිවැරදිව විශ්වාසනීයව අප වෙබ් අඩවිය මගින් ප්රවෘත්ති වාර්තාකරණය සිදු කරන බවයි. අපගේ කීර්තිනාමයට හානි වන ආකාරයෙන් සිදු කරන මෙවැනි ක්‍රියාවන් අප විසින් තරයේ හෙළා දකින බවද සිහිපත් කර සිටිමු .
previous post