27 C
Colombo
26/11/2024

’’වෛද්‍ය නිර්දේශ හරියට ලැබුණොත් රට වහන්න සූදානම්’’

Share with your friends :

රට “ලොක්ඩවුන්” කිරීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ ලබාදෙන්නේ ඒ අනුව කටයුතු කිරීමට රජය සූදානම් බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

රට ලොක්ඩවුන් කිරීමට වෛද්‍ය විශේෂඥයන් මෙතෙක් නිලවශයෙන් නිර්දේශකර නැතැයිද හෙතෙම සඳහන් කළේය.

රජය සියලු තීන්දු තීරණ ගන්නේ වෛද්‍ය විශේෂඥයින්ගේ උපදෙස් අනුව බවත් වෛද්‍ය විශේෂඥයන්ගේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට රජය හැමවිටම බැඳී සිටින බවත් මහාචාර්යවරයා පැවසුවේය.

දේශපාලන පක්ෂවල බළල් අත් වී සිටින ඇතැම් පුද්ගලයන්ට අද වුවමනා වී ඇත්තේ ආණ්ඩුව කුමන හෝ අයුරකින් පෙරළීමට බව පැවසූ ජයසුමන මහතා ඒ පහත් උත්සාහය සඳහා කිසිවිටෙකත් ඉඩ නොතබන බවද සඳහන් කළේය.

රට වැසීමට සෞඛ්‍ය අංශවලින් නිර්දේශ නිල වශයෙන් ලැබෙන්නේ නම් එම නිර්දේශ ක්‍රියාවට නැංවීමට නොපැකිළෙන බවත් කවුරු කුමක් කීවත් රටේ එදිනෙදා ආදායමක් හොයාගෙන ජීවත්වන පුද්ගලයන් මේ මොහොතේදී අමතක කිරීමට රජයට නොහැකි බවත් චන්න ජයසුමන මහතා කීවේය.

රටේ පවතින තත්වය ගැන ජනාධිපතිවරයා ප්‍රධාන රජය නිරන්තරවම විශේෂ සැලකිල්ලකින් සිටින බව පැවසූ රාජ්‍ය ඇමතිවරයා කොවිඩ් වසංගත තත්වය හමුවේ ස්වයං සංචරණ සීමා පනවා ගන්නැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පැවසුවේය

Share with your friends :