හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාද කොරෝනා ආසාදනයවීමෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
ඔහුට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරුවී ඇත්තේ පී.සී.ආර් පරීක්ෂණයකදීය.
සමරවීර මහතාට කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරුවීමෙන් පසුව ඒ මහතාගේ නිවසේ කාර්ය මණ්ඩලයද නිරෝධායනයට යොමු කරනු ලැබ සිටී.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන මංගල සමරවීර මහතා පවසන්නේ
සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගවලට යොමු වන ලෙස තමා හමුවීමට පසුගිය දිනවල පැමිණි පුද්ගලයන්ට දැනුම් දෙන බවයි.