27 C
Colombo
02/11/2024

අධ්‍යාපන ලොක්කෝ ඇමති සහ ලේකම් නොමග යවලා – දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය බිඳ වැටේ

Share with your friends :

අධ්‍යාපන අමාත්‍යංශයේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමය වැඩි දියුණු කිරීම වෙනුවට අධ්‍යාපන බලධාරීන් යලිත් රූපවාහිනී හා ගුවන් විදුලි සේවා ඔස්සේ පාසල් සිසුන්ට ඉගැන්වීම ආරම්භ කිරීමත් සමග දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය අතර මග බිඳ වැටී තිබේ.
කොරෝනා ව්‍යාප්තියත් සමග පාසල් විවෘත කල නොහැකි තත්වයක් ඇතිවී තිබෙන අතර කෙසේ හෝ විවෘත කලද පවතින තත්වය මත බොහෝ දෙමාපියන් තම දරුවන් පාසල් එවීමටද මැලිකමක් දක්වති.
මේ නිසා ඔන්ලයින් ක්‍රමය යටතේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය සිදු කරන්නට රජය මුලදී තීරණය කර තිබුනද සියලු දරුවන් සතුව ඒ සඳහා උපකරණ නොමැති බව පවසමින් මෙසේ රූපවාහිනී හා ගුවන් විදුලි වැඩසටහන් ක්‍රමය ආරම්භ කර තිබේ. එහෙත් සිසු දරුවන්ට තමන්ට ඇති ප්‍රශ්න ගුරුවරුන්ගෙන් අසන්නට හෝ දරුවන් අදාළ ඉගැන්වීමේ ක්‍රියාවලියේ රැඳී සිටිනවද යන්න දැනගැනීමට හැකි එකම ක්‍රමවේදය දුරස්ථ අධ්‍යාපන ක්‍රමයයි.
2020 අප්‍රේල් මාසය මුලදී මේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමය සඳහා ජනාධිපති කාර්ය සාධක බලකායක්ද ඇති කල අතර එම කටයුතු අධ්‍යාපන අමාත්‍යංශයේ එම කටයුතු ප්‍රධානත්වය දරන නීල් ගුණදාස මහතා ඇතුළු පිරිසක් සම්බන්ධ කරගෙන සිදු කරන ලදී. එහෙත් මේ වන විට අදාල කාර්ය සාධන බලකායේ කටයුතු සිදු නොවන අතර අධ්‍යාපන බලධාරීන්ද නව අධ්‍යාපන ඇමතිවරයා හා ලේකම්වරයා නොමග යවමින් මෙම කටයුතු කඩාකප්පල් වන ආකාරයට කටයුතු කර තිබේ. රූපවාහිනී හා ගුවන් විදුලි වැඩසටහන් අධ්‍යාපන ක්‍රමය යල්පැන ගිය ක්‍රමයක් වන අතර එය සාමාන්‍යයෙන්වෙනත් රටවල් දැන් භාවිත වන්නේ අමතර දැනුම ලබාදීමේ ක්‍රමවේදයක් ලෙස පමණි.

Share with your friends :