27 C
Colombo
01/02/2025

පාර්ලිමේන්තු රැස්වීම් කල් යන ලකුණු

Share with your friends :

කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන ලබන සතියේ පාර්ලිමේන්තු රැස්වීම්ද කල් දැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව 16 වැනිදා හදිසියේම කැඳවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කර ඇත.

කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව වහාම කැඳවන්නැයි කතානායකවරයාට තමා යෝජනා කළ බව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

පාර්ලිමේන්තුව ලබන 17 වැනිදා දිනයට කල්තබා ඇති හෙයින් එදින සභාව පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව අනිවාරයෙන්ම රැස් විය යුතුවෙයි.

පාර්ලිමේන්තු රැස්වීම් කල් දමන්නේ නම් එදින කෙටි වේලාවකට හෝ රැස්වී එය කළ යුතු වන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

පාර්ලිමේන්තුව අනිද්දා 17 සිට ලබන 20 වැනිදා දක්වා දින හතරක් රැස්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව මෙයට පෙර තීරණය කර තිබිණ.

Share with your friends :