හිටපු අගවිනිසුරුවරයකු වන මොහාන් පීරිස් මහතා ඉදිරි දින කීපය තුල එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක් නුවර ශ්‍රීලංකා නිත්‍ය නියෝජිත තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.
කොළඹ රාජකීය විද්‍යාලයේ දීප්තිමත් ආදී ශිෂ්‍යකු වන ඒ මහතා 1975 දී නීති වෘත්තියට පිවිසි අතර 1981 දී නීතිපති දෙපාර්තමේන්තුවට එක්විය. ජනාධිපති නීතිඥවරයකුද වන ඒ මහතා 2008 වසරේ නීතිපති තනතුරටද , 2013 වසරේදී අගවිනිසුරු පදවියටද පත් විය.
මේ අතර විදේශ තානාපති සේවය සදහා ශ්‍රී ලංකා රජය විසින් නම් කළ නව තානාපතිවරුන් 7 දෙනෙකුට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබද කාරක සභාවේ අනුමැතිය ලැබී තිබේ.
ධම්මිකා සේමසිංහ මෙනවිය පෝලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙසද, අහමඩ්.ඒ ජවාඩ් මහතා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද, අරුණි රණරාජා මහත්මිය නෙදර්ලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙසද, දර්ශන පෙරේරා මහතා ස්වීඩනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද, එම්.කේ පද්මනාදන් මහතා ඊජිප්තුවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසද , සී.ඒ.කොලොන්නේ මහත්මිය තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරිය ලෙසද, එයාර් මාෂල් සුමංගල ඩයස් මහතා කැනඩාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා ලෙසද පත්වීමට අදාල අනුමැතියන් ලැබී තිබේ.