27 C
Colombo
26/11/2024

වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙඳුන්ට පනවන දඩය රුපියල් ලක්ෂය දක්වා ඉහළට

Share with your friends :

උපරිම සිල්ලර මිල උල්ලංඝනය කර අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවිකරන වෙළෙඳුන්ට පනවා තිබූ රුපියල් 2,500ක දඩ මුදල රුපියල් ලක්ෂයක් දක්වා ඉහළ දැමීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව අදාළ තීරණය ගැසට් නිවේදනයක් මඟින් අද (10) දින ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

“භාණ්ඩයක් රජය විසින් නියම කරන මිලට වඩා වැඩි මිලට අලෙවි කලොත් මෙතෙක් පැවති රු 2,500ක් වු දඩය රු 100,000 දක්වා, අවම දඩය රු 3,900කට වඩා වැඩි ප්‍රමාණයකින් දඩය වැඩි කිරීමේ ඓතිහාසික තීන්දුව ගත්තා. සහල් වෙළෙඳපොළ මාෆියාවේ ඇතැම් පාර්ශවයන් රට පුරා ප්‍රචාරය කර සිටියා මොනම හේතුවක් නිසාවත් මේ දඩයට බියවෙන්න එපා. මේ රු 2,500 දඩය වෙනස් කරන්න අපි ඉඩදෙන්නේ නෑ. අපි ආණ්ඩුව සමඟ නියම් හෝ අනියම් ආකාරයකට සම්බන්ධතා පවත්වාගෙන යමින් මේ දඩය වැඩි කරන්න දෙන්නේ නැතුව, වෙළෙඳපොළේ සහල් මිල ඉහළ නැංවීමේ වැඩපිළිවෙල මේ කන්නයේ ක්‍රියාත්මක කරන්න තමයි අපේ අපේක්ෂා කරේ. අපිට පුළුවන්කම ලැබෙනවා මේ තීන්දුව ගැසට් නිවේදනයක් බවට පත්කරලා ගැසට් කරන්න.”

Share with your friends :