27 C
Colombo
24/11/2024

කොටස් වෙළෙඳපොළේ දරුණු පසුබැස්මක්

Share with your friends :

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකයන් හි විශාල කඩා වැටීමක් වාර්තා විය. පෙර දිනය හා සැසඳීමේ දී අද දින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 198.37 කින් හෙවත් 2.42% කින් පහළ ගිය අතර S&P SL20 දර්ශකය ඒ්කක 76.93 ක් හෙවත් 2.47%ක පහළ යාමක් වාර්තා කළේය.

මේ අනුව දිනය අවසානයේ සී සියලු කොටස් මිල දර්ශකය ඒකක 8,011.94 ක් හා S&P SL20 දර්ශකය ඒකක 3,033.04 ක් ලෙසින් සටහන්ව තිබුණි.

කොළඹ කොටස් වෙළෙඳපොළ නිල වෙබ් අඩවියට අනුව පසුගිය දින‌ කිහිපයේ දී කැපී පෙනෙන මිල ඉහළයාම් වාර්තා කළ LOLC, ඒක්ස්පෝලංකා, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, වැලිබල් වන් සහ රෝයල් සෙරමික් යන සමාගම්වල කොටස් මිල පහළ යාම්, සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමට වැඩි වශයෙන් හේතු වී තිබේ.

Share with your friends :