27 C
Colombo
08/11/2024

ඇමැති ඩලස් අලහප්පෙරුමත් ස්වයං නිරෝධායනයේ

Share with your friends :

විදුලි බල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාද කොළඹ සිය නිවෙසේ ස්වයං නිරෝධායනයට යොමුවී සිටී.

ඇමැතිවරයා මෙසේ ස්වයං නිරෝධායනයට යොමු වී සිටින්නේ ඔහුගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි තහවුරු වීම නිසාය.

ඇමතිවරයාගේ කාර්ය මණ්ඩලයේ දෙදෙනාට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව අමාත්‍යාංශය පසුගිය සදුදා සිට වසා දමනු ලැබ ඇත .

තමාගේ නිරෝධායන කාලය ලබන බදාදා වනවිට අවසන් වන බව ඇමතිවරයා සඳහන් කළේය.

මේ අතර තම කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාද සිය නිවෙසේ ස්වයං නිරෝධායනයට පසුගියදා යොමු වූයේය .

Share with your friends :