මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තු අනුමැතිය සදහා ඉදිරිපත් කර ඇති “මුදල් සංශෝධන පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සම්වල විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ඉදිරියේදී ජනාධිපතිවරයා සහ කතානායකවරයා වෙත කඩිනමින් යොමු කරන බව නිවේදනය කළේය.
මෙම පෙත්සම් සම්බන්ධයෙන් ලිඛිත දේශන ඇතොත් ඒ්වා අගෝස්තු 02 වැනි දින දහවල් 12ට හෝ ඊට පෙර අධිකරණය හමුවට ගොනු කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කරුවන් හා නීතිපතිවරයා වෙත දැනුම් දුන්නේය.
මුදල් පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් 08 ක්දෙවැනි දිනයටත් ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ ශිරාන් ගුණරත්න යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවිණි.