හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු සහ මන්ත්‍රි රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදී සිටියදී පිළිස්සුම් තුවාල ලබා මියගිය 16 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලට අදාලව ඇගේ මව පියා, සොහොයුරා ඇතුලු සිව්දෙනකුගෙන් පැය 10 ට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
කොළඹ දකුණ කොට්ඨාස අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් දැරිය පදිංචිව සිටි ඩයගම ප්‍රදේශයට ගොස් මෙම ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ මව, පියා, සොහොයුරා හා දැරිය මෙම නිවස සදහා රැගෙන ගිය බව කියන තරව්කරුද සිටින බව හෙතම කීය.
මෙම දැරිය මරණය සම්බන්ධයෙන් මීට පෙර ද ඇගේ මව ඇතුලු 10 දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබු අතර, දැරිය ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවට ඇයගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී හෙළි වීමත් සමග ඇයගේ මව මව ඇතුලු පිරිසකගෙන් යළිත් ප්‍රකාශ සටහන් කරගත් බවද පොලිසිය කියයි.