දිවයිනේ පාසල් ලබන අගෝස්තු මස අග විවෘත කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවැසීය .
ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර රට පුරා පාසල් ගුරුවරුන්ගෙන් සියයට 63 කටද බස්නාහිර පළාතේ ගුරුවරුන්ගෙන් සියයට 97 කටද කොරෝනා මර්දන එන්නත මේවනවිට ලබාදී ඇතැයි ප්‍රකාශ කළේය.
සෙසු ගුරුවරුන්ටද ඉදිරි දිනවල එන්නත ලබාදීමට කටයුතු කරගෙන යන බව මහාචාර්යවරයා කීවේය .
මේ අතර අවුරුදු 12 වැඩි පාසල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත ලබාදීමට රජයේ අවධානය යොමු යොමුවී ඇත.