27 C
Colombo
24/11/2024

කොරෝනා රෝගීන් තැන තැන හමුවීම නිසා ජනතාව නොසන්සුන්

Share with your friends :

ලබන සඳුදා සිට රට විවෘත කරන්නට බලධාරීන් තීරණය කර ඇතත් රටේ බොහෝ ප්‍රදේශවල තැනින් තැන හසුවන කොරෝනා රෝගීන් හේතුවෙන් ජනතාව දැඩි අපහසුවටත් භීතියටත් පත්ව සිටිති.
බොරැල්ල ප්‍රදේශයේ සිදුකල අහඹු කොරෝනා පරීක්ෂණ වලදී කොරෝනා රෝගීන් විශාල ප්‍රමාණයක් හසුවී තිබේ.
මීරිගම ප්‍රදේශයේ තම නිවසේ නිරෝධායනය කර සිටි පුද්ගලයකු මියගොස් තිබේ.
එසේම පොලිස් නිලධාරීන් විශාල ප්‍රමාණයකට, වෛද්‍යවරුන් කීපදෙනෙකුට, බැංකු සේවකයන් ගනනාවකට කොරෝනා අසාදනය වී ඇති බවටද හෙළිවී තිබේ.කොළඹ -2 යුනියන් පෙදෙසේ කීල්ස් සුපිරි වෙළඳ සල,ළමා රෝහල,මහරගම පිළිකා රෝහල ,වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්,බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් , රට පුරා ඇගලුම් කම්හල් වල සේවකයන් රැසක් ආදී වශයෙන් රටපුරා විවිධ ප්‍රදේශ වලින් කොරෝනා ආසාදිතයන් හමුවී ඇති අතර එය මේ වන විට පාලනයෙන් ගිලිහී ගොස් ඇති බවක් පෙනෙන්නට තිබේ.
මේ නිසා පීසීආර් පරීක්ෂා සිදු කිරීම වේගවත් කල යුතු අතර රටේ සැබෑ ජනතාවට පැවසීම මගින් රෝගයෙන් ආරක්ෂාවීමේ වැඩපිලිවෙලක් ඇති කල යුතුව තිබේ.

Share with your friends :