27 C
Colombo
26/11/2024

පළාත් අතර පොදු ප්‍රවාහන සේවා බදාදා සිට

Share with your friends :

පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා දුම්රිය සහ බස්රථ කීපයක් සිට බදාදා (14) පළාත් අතර ධාවනයට යොදවන බව ප්‍රවාහන රාජ්‍ය මත දිලුම් අමුණුගම මහතා පවසයි.

අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් එම පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන ලෙසට මගී ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

පළාත් අතර එම ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී රාජකාරී හැඳුනුම්පත හෝ අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කිරීමට අවශ්‍ය කරන ලිපි ලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්ය බව ද දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් පැවසීය

Share with your friends :