නිරෝධායනය සෞඛ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගයක් විනා දඬුවමක් හෝ රැඳවුම් මාර්ගයක් ලෙස භාවිතා කිරීම නොකළ යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය රටේ ක්‍රියාත්මක වන නිරෝධායනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඇප මත නිදහස් කරන ලද පුද්ගලයන් බලහත්කාරයෙන් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳවීමද බලහත්කාරී මෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවත් එය ඇප මත නිදහස් කළ අධිකරණයටද කරන අපහාසයක් බවත් එම සංගමය වැඩිදුරටත් සඳහන් කරයි .
නිරෝධායන පනත වෙනස් කිරීමට අදාළව විවිධ පාර්ශ්වයන්ගෙන් යෝජනා පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයටද ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ මේ දක්වා ක්‍රියාත්මක වන්නේ 1897 වර්ෂයේදී සකස් කෙරුණු පැරණි නිරෝධායන පනත් කෙටුම්පතකි.
කෙසේ වෙතත් අවශ්‍යතා පරිදි එම පනතට අදාලව විවිධ රෙගුලාසි වරින් වර හඳුන්වා දී ඇතැයිද මූලික පනත වෙනස් කරන්නේ නම් එය ජාත්‍යන්තර මානව හිමිකම් නීතිවලට අනුකූලව කළ යුතු වන්නේ යැයිද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළේය .
මේ අතර නිරෝධායන ආඥා පනත සම්බන්ධයෙන් විවිධ දේශපාලන පක්ෂ වලින් මෙන්ම සිවිල් හා බහුජන සංවිධාන වලින්ද විවිධ චෝදනා එල්ල වී ඇත .
එක්සත් ජාතික පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා රටේ දැනට ක්‍රියාත්මක වන නිරෝධායන පනත වෙනස් කළ යුතු යැයි පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කළේය.