27 C
Colombo
25/11/2024

ඩොලර් නැති නිසා ලෙබනනයේ විදුලි සැපයුම අත්හිටුවයි

Share with your friends :

ලෙබනන් රජය විසින් මිලදී ගන්නා විදුලිය සඳහා, ඇමරිකානු ඩොලර් මුදල් ඒකකයෙන් ගෙවීම් සිදු කිරීම පැහැර හැරීම හේතුවෙන් එරට ප්‍රධාන පෙළේ විදුලි ජනන සමාගම් දෙකක් විදුලි නිෂ්පාදනය අත්හිටුවා ඇත. අදාල ආයතන දෙක පසුගිය සිකුරාදා සිට විදුලි ජනනය අත්හිටුවා ඇති අතර මේ නිසා ලෙබනනයේ සමස්ත විදුලි සැපයුමෙන් 40% ක් පමණ අඩාල වී තිබේ.

රටේ සමස්ත විදුලි ජනනයෙන් වඩි ප්‍රමාණයක් පෞද්ගලික අංශය විසින් සිදුකරන අතර විදුලි ජනන සමාගම්වලින් බහුරතයක් විදෙස් සමාගම් වේ. මේ නිසා රජය මිලදී ගන්නා විදුලි ඒකක සඳහා ගෙවිය යුත්තේ ඇමරිකානු ඩොලර්වලිනි.

ලෙබනනය මේ වනවිට දේශපාලන සහ ආර්ථික අර්බුදවලින් බැටකමින් සිටින අතර ඔවුන් මුහුණ දී සිටින දැවැන්තම අර්බුදය වන්නේ විදෙස් සංචිත හිග වීමයි. මේ නිසා ඩොලර්වලින් ගෙවිය යුතු ගෙවීම් සිදුකළ නොහැකි වී ඇති අතර ලෙබනන් ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ඖෂධ පවා ආනයනය කළ නොහැකි තත්වයට අර්බුදය දුරදිග ගොස් ඇත.

Share with your friends :