ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා එළඹෙන 8 වැනිදා පාර්ලිමේන්තුවේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිවුරුම් දීමට නියමිත අතර ඒ සමගම ප්‍රබල කැබිනට් සංශෝධනයක් සිදුවීමට නියමිත බව රජයේ ආරංචිමාර්ග පවසයි.
බැසිල් රාජපක්ෂ මහතා ආර්ථික සංවර්ධන හා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් ද දිවුරුම් දෙනු ඇති බව සඳහන්ය.
ඔහුගේ අමාත්‍යාංශ අමාත්‍යාංශය යටතට කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ද පැවරෙනු ඇතැයි සඳහන්ය.
දැනට කොළඹ වරාය නගරය අගමැති මහින්ද රාජපක්ෂ මහතා යටතේ ඇති නාගරික සංවර්ධන අමාත්‍යාංශයට අයත් වන අතර ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය ඇත්තේ නාමල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යාංශය යටතේය. එසේම බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇතිකරන අමාත්‍යංශය යටතට ජනාධිපතිවරයාගේ, අග්‍රාමාත්‍යවරයාගේ, චමල් රාජපක්ෂ මහතාගේ, නාමල් රාජපක්ෂ මහතාගේ අමාත්‍යංශය යටතේ ඇති ආයතන ගණනාවක් පැවරීමට නියමිතව තිබේ.
මේ අතර මෙවර කැබිනට් සංශෝධනයේදී ආණ්ඩුවේ අදක්ෂ ඇමතිවරුන්ගෙන් ප්‍රධාන අමතයනාශ ඉවත් කර ඒ වෙනුවට ඔවුන්ට සංවර්ධනය සඳහා එතරම් වැදගත් නොවන අමාත්‍යංශ ලබා දීමට නියමිතය.