පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා ගේ මුලිකත්වයෙන් පිහිටුවන නව දේශපාලන පක්ෂයේ ප්රධාන අරමුණ විමුක්ති කුමාරණතුංග දේශපාලනයට ගෙන ඒම බව දේශපාලන අංශ වල දැඩි කතාබහට ලක්ව තිබේ.
හිටපු ජනාධිපතිනි චන්ද්රිකා කුමරනතුංගගේ සහ දිවංගත විජය කුමාරතුංග ගේ එකම පුත් විමුක්ති ශ්රීලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ මුනුබුරාය. ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මෙම තීරණාත්මක දේශපාලන කටයුත්ත සිදු කෙරෙන බව සඳහන්ය. විමුක්ති දැනට එංගලන්තයේ ජීවත් වෙයි.