27 C
Colombo
25/11/2024

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය ගැන තීරණය හෙට

Share with your friends :

බලශක්තිය අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් කතානායකවරයාට ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා දිනය පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී හෙට (5)තීරණය කිරීමට නියමිතය. ගම්මන්පිල ඇමතිවරයාට එරෙහිව ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතරද දැඩි විරෝධයක් පවතී.

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී හෙට(5)පෙරවරුවේ රැස්වෙයි.

මීට අමතරව මේ සතියේදී පාර්ලිමේන්තු රැස්වීම් පවත්වන ආකාරය සහ එම රැස්වීම්වලදී විවාදයට ගන්නා කාරණා පිළිබඳවද පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය කිරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි.

මේ අතර පාර්ලිමේන්තු සභා ගර්භයේදී සහ ඉන් පිටතවූ පසුගිය අප්‍රේල් මස 21 වෙනිදා ඇතිවූ නොහික්මුණු සිද්ධීන් සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කෙරුණු කමිටුවේ වාර්තාව කතානායකවරයාට මේ සතියේදී භාරදීමට නියමිතය.

Share with your friends :