27 C
Colombo
20/11/2024

ඩොලර් හිඟය නිසා ආනයන වලට තවදුරටත් සීමා

Share with your friends :

අත්‍යවශ්‍ය නොවන සහ සුඛෝපභෝගී භාණ්ඩ ගණනාවක ආනයනය සීමා කිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය දැඩිව මේ වන විට යොමු වී තිබේ. රටේ මේ වන විට දැඩි ඩොලර් හිඟයක් පවතී. මේ නිසා ජංගම දුරකතන, රූපවාහිනී, ශීතකරණ ඇතුළු විදුලි උපකරණ මෙන්ම සුවඳ විලවුන් හා ආලේපන ද්‍රව්‍ය ආදී භාණ්ඩ ගණනාවක් ආනයන අත්හිටුවීමට මෙසේ අවධානය යොමුව ඇත.
මේ ගැන අවධානය යොමුව ඇත්තේ රටේ විදේශ විනිමය සංචිතය ශක්තිමත් වනතුරු විනිමය රට තුළ රඳවා ගැනීම සහ දේශීය නිෂ්පාදකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීම යන කාරණා සැලකිල්ලට ගනිමිනි. ඩොලර් හිඟය නිසා මේ වන විට අධික මුදලට ඩොලර් අලෙවි කිරීමට කළුකඩ ව්‍යාපාරිකයන් කටයුතු කරමින් සිටිති.
එමෙන්ම සංචිත ශක්තිමත් වීමෙන් අනතුරුව සීමා ලිහිල් කිරීමට කටයුතු කරනු ඇතැයි ද රජයේ ආරංචි මාර්ග කියා සිටී.

Share with your friends :