වෙළඳපොලේ ඉහල යමින් පවතින සහල් මිල පාලනය කිරීම සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් වහාම ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
වෙළඳ ,අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඒ සඳහා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිණි .
වෙළඳපොළේ මේ දිනවල සහල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බැවින් එය පාලනය කිරීම සඳහා මෙම සහල් තොගය වහාම ආනයනය කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය .
ආනයනය කරනු ලබන සහල් සතොස සහ සමුපකාර වෙළඳ සැල් හරහා කිලෝව රුපියල් 100 ට අඩුවෙන් ලබා දීමට කටයුතු කරන බව ඔහු සඳහන් කළේය .