27 C
Colombo
24/11/2024

ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපල තවත් පමාවන ලකුණු – තරගය තවමත් උණුසුම්

Share with your friends :

2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිපලය නිකුත් කිරීම දිගින් දිගටම ප්‍රමාද වෙමින් පවතී. තවමත් නෙවාඩා , ඇරිසෝනා , පෙනිසිල්වේනියා සහ ජෝර්ජියා යන ප්‍රාන්තවල මැතිවරණ ප්‍රතිපල නිකුත්වී අවසන් නොමැත. ඊට හේතුව තැපැල් ඡන්ද තවමත් ගණන් කර අවසන් නොවීමය. නෙවාඩා සහ ඇරිසෝනා ප්‍රාන්තවල බයිඩන් ඉදිරියෙන් සිටින අතර ජෝර්ජියා සහ පෙනිසිල්වෙනියා ප්‍රාන්තවල ට්‍රම්ප් ඉදිරියෙන් සිටී. ජෝර්ජියා සහ පෙනිසිල්වේනියා ප්‍රාන්ත දෙකේම බයිඩන් ගේ ඡන්ද ප්‍රමාණය වැඩිවෙමින් පවතී.
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිපල අනුව ඉලෙක්ටෝරල් කොලේජ් නියෝජිතයන් 264 ක් දිනා ගනිමින් ජෝ බයිඩන් ජයග්‍රහ ආසන්නයටම පැමිණ සිටියද ඔහුට ජයග්‍රහණය සඳහා තවත් ඉලෙක්ටෝරල් කොලේජ් නියෝජිතයන් හයක් අඩුය.
ජයග්‍රහණයට අවශ්‍ය නියෝජිත සංඛ්‍යාව 270 කි.ඇමරිකානු ඉතිහාසයේ ජනාධිපතිවරණයකදී ලැබූ වැඩිම ඡන්ද ප්‍රමාණය ලබමින් ඡන්ද 72508787 ක් ජෝ බයිඩන් වාර්තාවක්ද මේ වන විට පිහිටුවා තිබේ.මෙතෙක් එම වාර්තාවට හිමිකම් කීවේ ජනාධිපති බැරක් ඔබාමා ය.
මේ වන විට ජනාධිපති ඩොනල්ඩ ට්‍රම්ප් ලබා ගෙන ඇත්තේ ඉලෙක්ටෝරල් කොලේජ් නියෝජිතයන් 214 ක් පමණි.
තැපැල් ඡන්ද මේ වන විට ගණනය කෙරෙන අතර එයින් වැඩි බහුතරය බයිඩන් හට ලැබී තිබේ.
සමහර විට ඇතැම් ප්‍රාන්තවල අවසන් ප්‍රතිපලය නිකුත් කිරීම ලබන සති අන්තය දක්වා කල්යාමටද ඉඩ තිබේ.එහෙත් නෙවාඩා හෝ පෙනිසිල්වේනියා ප්‍රාන්ත දෙකෙන් එකක් ජය ගත හොත් බයිඩන් හට ජනාධිපති ධුරය හිමිවනු ඇත. ට්‍රම්ප්ගේ ජයග්‍රහණයට ඉතිරි සියලු ජනපද ජයගන්නට ඔහු සමත් විය යුතුය.
මේ අතර තැපැල් ඡන්ද වල වැඩි වාසිය බයිඩන් හට ලැබෙමින් තිබෙන බැවින් එය වැලැක්වීම සඳහා රිපබ්ලිකන් ආධාරකරුවන් කීපවරක් අධිකරණයට ගියද එම උත්සාහයන් අධිකරණය මගින් ප්‍රතික්ෂේප කරන ලදී.

Share with your friends :