ලීසිං සමාගම් වටලෑමටත්, ජනතාව සමඟ පාරට බැසීමටත් තමන් සූදානම් බව ශ්‍රීලනිප මහා ලේකම් සහ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.
කොරෝනා වසංගතය මධ්‍යයේ උපරිම ලාභ ලබමින් සිදුකරමින් ඇති ලීසිං ජාවාරමට එරෙහිව ඉදිරියේදී ගත හැකි උපරිම ක්‍රියාමාර්ග ඒ මහතා ගන්නා බවද ඒ මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ සිදුවන මෙම ක්‍රියාවලිය ඉතාම සෝචනීය තත්ත්වයක් යයිද ඇමැතිවරයා පෙන්වා දෙයි. මෙරට ලීසිං සමාගම් සියල්ලම පාහේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයන්ට අයත් වන අතර ඔවුන් අතර රජයේ විවිධ තනතුරු උසුලන පිරිස්ද වෙති. එසේම රජයේ සමීපතම ව්යපරිකයෝද ඒ අතර වෙති. එම නිසා රජයේ නීති රීති හා නියෝග ඔවුන් මායිම් නොකරන තත්වයක් උද්ගතවී තිබේ.