27 C
Colombo
24/11/2024

ලාෆ් – ලිට්රෝ ගනුදෙනුවට ආණ්ඩුවේ ඇතුළතින්ම විරෝධය – බැංකු ණයක් ගැනත් කතා

Share with your friends :

ලාෆ් ගෑස් සමාගමේ කොටස් කෙසේ හෝ ලිට්රෝ ගෑස් සමාගම වෙත විකිණීම සඳහා ආණ්ඩුවේම පිරිසක් දරන උත්සාහයට ආණ්ඩුවේම ප්‍රබලයන් දැඩි විරෝධය පළකර තිබේ.ලිට්රෝ සමාගම විසින් අදාළ මිලදී ගැනීම සිදු කිරීම බරපතල පාඩු ගෙන දෙන්නක් බව ඔවුන්ගේ මතය වී තිබේ.
ලාෆ් සමාගමේ කොටස් වලින් සියයට 17.8 ක් සේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල සතුවේ. රුපියල් හතලිහ බැගි මිලදී ගත් මෙම කොටස් වල වෙළඳපොල වටිනාකම මේ වන විට රුපියල් 22 කි. අදාළ ගනුදෙනුවෙන්ද මහජන අරමුදල් වලට පාඩු සිදුවී ඇති බව ආණ්ඩුවේ පිරිස් විසින් පෙන්වා දී තිබේ. මේ අතර ලාෆ් ගනුදෙනුව සම්බන්ධයෙන් මේ වන විට දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් ආරම්භ වී තිබේ. මාසයක් ඇතුලත බැංකු ණයක් පියවීමේ ප්‍රශ්නයක් ද මෙම ගනුදෙනුව පසුපස ඇති බව සඳහන්ය.

Share with your friends :