27 C
Colombo
06/11/2024

ගම්මන්පිලට එරෙහි විස්වාසභංගය ගැන ආණ්ඩුවේ බෙදීමක්

Share with your friends :

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාව සමබන්ධයෙන් ආණ්ඩු පක්ෂය තුල බෙදීමක් හටගෙන තිබේ. ඒ ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු ඉන්ධන මිල වැඩිකිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධයක් හටගෙන තිබීම හේතුවෙනි.
මේ අතර විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට විරුද්ධව ඡන්දය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත.
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක නායකයකු වශයෙන් ද ,කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වශයෙන්ද, කටයුතු කරන ගම්මන්පිල මහතා වෙනුවෙන් පක්ෂයක් වශයෙන් මේ මොහොතේ පෙනී සිටිය යුතුය යන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදහස වී ඇතැයි දැනගන්නට ඇත .
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඉකුත් බ්‍රහස්පතින්දා හැන්දෑවේ හිටපු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති සාකච්ඡාවේ දී ද මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත .

Share with your friends :