27 C
Colombo
24/11/2024

ආණ්ඩුව ලබා දෙන ලීසිං සහනය බොරුවක්-බැංකු හා මුල්‍ය ආයතන ඉදිරියේ ගිනි තියාගන්නවා

Share with your friends :

පවතින වෛරස් ව්‍යාප්තිය සහ රට වසා දැමීමේ තත්ත්ව යටතේ වාහන කල්බදු වාරික සඳහා අයකරන දඩ පොලී ඉවත් නොනොකිරීමට විරෝධය පළ කරන බව ලීසින් සහ ණය වාරික ගෙවන්නන්ගේ එකමුතුව සඳහන් කරයි.

එහි සභාපතිවරයා හා ලේකම්වරයා සඳහන් කරන්නේ එම දඩ පොලිය ඉවත් නොකලහොත් බැංකු හා මුල්‍ය ආයතන ඉදිරියේ ගිනිතියාගැනීමට සූදානම් බවයි.

මේ වන විට එම ආයතන විසින් ද දඩ පොළිය ලෙස 11.5%ක් බැගින් අය කරමින් සිටින බවත් මූල්‍ය ආයතන සහ බැංකුවලට කොරෝනා වසංගතය වසන්තයක් වී ඇති බවත් ඔවුන් කියා සිටිති.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔවුන් කියා සිටියේ ආණ්ඩුව විසින් ලබා දෙන ලීසිං සහනය තනිකර බොරුවක් බවයි.

Share with your friends :