27 C
Colombo
24/11/2024

බැසිල් රාජපක්ෂ ළඟදීම පාර්ලිමේන්තුවට

Share with your friends :

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ එහි ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරි දින කිහිපය තුල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස නම් කෙරෙනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ මහතාට පාර්ලිමේන්තු පිවිසීමට ඉඩකඩ සලසා දීම සදහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජයන්ත කැටගොඩ මහතා සිය මන්ත‍්‍රී ධුරයෙන් අද හෙටම ඉල්ලා අස්වනු ඇත. ඉන්පසු ගැසට් මගින් බැසිල් රාජපක්ෂ මහතාගේ නාමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත් කල පසුව ප්‍රබල ඇමති ධූරයකද දිවුරුම් දීමට නියමිතය.එය බොහෝදුරට ආර්ථික සංවර්ධන ඇමති ධුරය වනු ඇත. ඔහුගේ නම ගැසට් මගින් ප්‍රකාශයට පත් කල පසු ඇමති තනතුරේ දිවුරුම්දීම කල හැකි අතර ඉන්පසු පාර්ලිමේන්තුව රැස්වූ දිනයක පාර්ලිමේන්තුවේ දිවුරුම් දීම කල හැක.
පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේද ආර්ථික සංවර්ධන ඇමති ධුරය දරමින් බැසිල් රාජපක්ෂ මහතා රට පුරා දැවැන්ත සංවර්ධන වැඩපිළිවෙලක් දියත් කළේය.
මුළු රට පුරා සංවර්ධන වැඩපිළිවෙලක් දියත් කරමින් උතුරු වසන්තය, නැගෙනහිර නවෝදය වැනි ව්‍යාපෘති තුලින් රටේ ආර්ථික සංවර්ධනය සඳහා විශේෂ වැඩපිළිවෙල රැසක් ඔහු දියත් කළේය.
පසුව ශ්‍රීලංකා පොදුජන පෙරමුණ ගොඩනංවා එය ජයග්‍රහණය කරා රැගෙන යාමේ ගෞරවය හිමිවන්නේ ඔහුටය. පසුගිය පළාත්පාලන මැතිවරණය, ජනාධිපතිවරණය හා මහා මැතිවරණයේ සමස්ත සංවිධාන කටයුතු සිදුකරමින් පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඔහු සමත් විය.

Share with your friends :