මෙවර කැබිනට් මණ්ඩල රැස්වීමේදී අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඉන්ධන මිල අඩු කල යුතු බව ප්‍රකාශ කර තිබේ. ඇමතිවරයා පෙන්වා දී ඇත්තේ ඉන්ධන මිල අඩු කල යුතු බවත් මිල වැඩි කිරීම විශාල ප්‍රශ්නයක් වී ඇති බවත්ය.
කැබිනට් මණ්ඩල හමුවට ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා සහභාගී නොවිම හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වා ඇත.
එහිදී ඉන්ධන මිල ඉහල නැංවීමෙන් පසු ඇතිව තිබෙන තත්වය ගැන වැඩි අවධානයක් යොමුව ඇත.
එම අදහස අනුමත කරමින් තවත් ඇමතිවරුන් කිහිප දෙනෙකුම අදහස් පල කර ඇත.
එමෙන්ම පොහොර හිගය හේතුවෙන් ඇතිව තිබෙන ප්‍රශ්ණයද බරපතල යයි අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා එහිදී පවසා තිබේ.
කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් එහිදී ගෙන නැති අතර ඉදිරියේදී තව දුරටත් සාකච්චා කිරිමට තීරණය කර ඇත.