අධි සුඛෝපභෝගී ප්‍රාඩෝ ජීප් රථ 227ක් ඇතුළු වාහන 399ක් ගෙන්වීම තාවකාලිකව නතර කිරීම සඳහා යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වුණු නමුත් එසේ නතර කළහොත් ණයවර ලිපි විවෘත කළ ලංකා බැංකුව අසාධුලේඛනගත වීමට ඉඩ ඇතැයි ප්‍රශ්නයක් පැන නැඟුණු බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.
පාර්ශ්ව තුනක් විසින් අත්සන් කළ ගිවිසුමක් ඒකපාර්ශ්විකව අවලංගු කිරීමේ හැකියාවක් රජයට නොමැති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
“කැබිනට් එක නැවැත්තුවා නෙවෙයි, කැබිනට් එකට යෝජනාවක් ගෙනාවා ගරු අගමැතිතුමා මුදල් ඇමතිවරයා හැටියට ඒක තාවකාලිකව හරි නතර කරමු මේ මොහොතේ හැටියට කියලා. නමුත් එතන ප්‍රශ්නයක් තියෙනවා. LC (ණයවර ලිපි) ඕපන් කරලා තියෙන හින්දා සමහර විට ලංකා බැංකුව බ්ලැක් ලිස්ට් වෙන්න පුළුවන් කියලා. පාර්ශ්ව තුනක ගිවිසුමක්නෙ.
වාහන ගෙන්වන එකේ ඒ පේපර් එක බලන්නකො ඉස්සෙල්ලා. ඒකෙ තියෙනවා පැහැදිලිවම රටේ ආයතන ගණනාවකට අවශ්‍යතාවයක් තියෙනවා වාහන හිඟයක් තියෙනවා අපේ ආයතනවලට. මගේ ආයතනයෙ වාහන නෑ. පොඩ්ඩක් ඉන්නකො, එතකොට 225කට ගේනවයි කියන එක ප්‍රතික්ෂේප කරනවා මම. V8 එක කාටද කියන්න මම දන්නෙ නෑ. කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වුණාට වාහන කීයද කාටද දෙන්නෙ කියන එක දන්නවද මම ?
මෙච්චර අමාරු මොහොතක මේක සුදුසුද කියන ප්‍රශ්නේ හින්දා තමයි මේක නතර කළේ. අමාරු මොහොත එන්න කලින් තමයි මේක තීන්දු කළේ. ඔය ප්‍රශ්නෙදි කරුණු දෙකක් තියෙනවා, ඒක ඇත්ත කතාවක්. අපි ලයිට් රේල් එක කැන්සල් කළාට පස්සෙ එතන අපට ප්‍රශ්නයක් මතුවෙලා තිබ්බා. ඔය කියන භූ දේශපාලනයත් එක්ක …” යනාදී වශයෙනුයි ඒ මහතා එහිදී සඳහන් කළේ.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මේ බව පැවසුවේ පසුගියදා හිරු රූපවාහිනී නාලිකාවේ සජීවී දේශපාලන සංවාද වැඩසටහනකට එක්වෙමිනි.