27 C
Colombo
18/11/2024

රට පුරා සංචරණ සීමා 21 තෙක් යළි දිර්ඝ කරයි

Share with your friends :

දිවයින පුරා සංචාරණ සීමා ලබන 21 වැනිදා උදේ 4.00 දක්වා දීර්ඝ කර තිබේ.

සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ නිර්දේශ මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම තීරණය ගෙන තිබේ.

රට පුරා ක්‍රියාත්මක කෙරුණු සංචරණ සීමා පෙර තීරණය කරගත් පරිදි ලබන 14 වෙනිදා ඉවත් කිරීමට මීට පෙර තීරණය කර තිබිණ. එහෙත් කොවිඩ් 19 ව්‍යාප්තිය අද පුළුල් ලෙස සමාලෝචනයට ලක් කිරීමෙන් පසුව සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ නිර්දේශ මත සංචරණ සීමා ක්‍රියාත්මක කෙරෙන කාලය මෙසේ දීර්ඝ කර ඇත.

සංචරණ සීමා ක්‍රියාත්මක කෙරුණද කර්මාන්තශාලා, ප්‍රධාන වැඩබිම් හා ආර්ථික මධ්‍යස්ථාන, පොළවල් හා කාබනික පොහොර නිෂ්පාදන යනාදි කටයුතු සෞඛ්‍ය නීතිවලට දැඩිව අනුගත වෙමින් කටයුතු කිරීමටද අවසර හිමි වන බව කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

මෙයට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ ප්‍රවාහන සේවා කටයුතු වලටද වෙනත් අත්‍යවශ්‍ය සේවා සඳහාද අවසර හිමිවනු ඇත.

කොවිඩ් 19 පාලනය කිරීම සඳහා දිවයින පුරා සංචර සීමා ක්‍රියාත්මක කෙරුණේ පසුගිය මැයි 21 වැනි දා සිට ය.

රටපුරා සංචරණ සීමා මේ වන විට දින 23ක කාලයක් ක්‍රියාත්මක කර ඇත.

Share with your friends :