27 C
Colombo
02/11/2024

තවත් ප්‍රාන්ත 9 ක අවසන් ප්‍රතිපල නිකුත්වීමට තිබියදී බයිඩන්ට ජයග්‍රහණයට වැඩි ඉඩක්

Share with your friends :

ඇමරිකානු ජනාධිපතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිපල අනුව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන් මීළඟ ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෙස පත්වීමට බොහෝදුරට ඉඩ තිබේ.
2020 ඇමරිකානු ජනාධිපතිවරණයේ දැනට නිකුත්ව ඇති ප්‍රතිපල අනුව ජෝ බයිඩන් ඉලෙක්ටෝරල් කොලේජ් නියෝජිතයන් 248 ක් ජයගෙන තිබේ.
රිපබ්ලිකන් අපේක්ෂක ජනාධිපති ට්‍රම්ප් ඉලෙක්ටෝරල් කොලේජ් නියෝජිතයන් 214 ක් ජයගෙන තිබේ.
මේ වන විට පෙනිසිල්වේනියා , ජෝර්ජියා , නෝර්ත් කැරොලිනා , මිචිගන් ,නෙවාඩා ,ඇරිසෝනා, විස්කොන්සින් ,ඇලස්කා , මෙයින් , යන ප්‍රාන්ත වල ඡන්ද ප්‍රතිපල නිකුත්වීමට නියමිතව තිබේ.මේ අතරින් වඩාත් තීරණාත්මක මිචිගන් හා විස්කොන්සින් ප්‍රාන්ත වලින් පෙරමුණ ගන්නට ජෝ බයිඩන් සමත්වී තිබේ. මේ අතර ෆ්ලොරිඩා හා පෙනිසිල්වේනියා ජනපදවල ජනාධිපති ට්‍රම්ප් දැනට ඉදිරියෙන් සිටී. කෙසේවෙතත් පෙනිසිල්වේනියා ,නොර්ත් කැරොලිනා , ජෝර්ජියා පරාජය වුවද ජනාධිපතිවරණය ජයග්‍රහණය කරන්නට බයිඩන් හට අවස්ථාව තිබේ.
ජයග්‍රහණය සඳහා අවශ්‍ය ඉලෙක්ටෝරල් කොලේජ් නියෝජිතයන් ප්‍රමාණය 270 කි.තැපැල් ඡන්ද මේ වන විට ගණනය කෙරෙන අතර එයින් වැඩි බහුතරය බයිඩන් හට ලැබී තිබේ.
ඇතැම්විට පෙනිසිවෙනියා ප්‍රාන්තයේ අවසන් ප්‍රතිපලය නිකුත් කිරීම ලබන සිකුරාදා දක්වා කල්යාමටද ඉඩ තිබේ.
මේ අතර තැපැල් ඡන්ද වල වැඩි වාසිය බයිඩන් හට ලැබෙමින් තිබෙන බැවින් එය වැලැක්වීම සඳහා ජනාධිපති ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යාමට සුදානමින් සිටී.

Share with your friends :