කොවිඩ් -19 වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා හදිසි වෛද්‍ය සැපයුම් තොගයක් ශ්‍රී ලංකාවට ලබාදීමට අමෙරිකාව පියවර ගෙන තිබේ.
විශේෂ ගුවන් යානයක් මගින් එවා ඇති එම වෛද්‍ය ආධාරවල වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 6 කි.
නිවේදනයක් නිකුත් කරමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ ශ්‍රී ලංකාව, මාලදිවයින සහ පාකිස්තානය යන රටවල් සඳහා මෙම හදිසි වෛද්‍ය සැපයුම් තොගය ලබාදීමට පියවර ගෙන ඇති බවය.
ඒ අනුව මෙරට සෞඛ්‍ය අංශ සඳහා අවශ්‍ය පුද්ගලික ආරක්ෂක ඇදුම් කට්ටල 880,000ක් අමෙරිකාව විසින් ලබාදී තිබේ.
ඊට අමතරව හෘද ස්පන්දනය මැනීම සඳහා වන Oximeters 1,200 ක් ද ලබාදී ඇත.
මීට අමතරව ඉදිරි සති කිහිපය තුළ දකුණු ආසියානු රටවලට තවත් සෞඛ්‍ය ආධාර තොගයක් ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ අමෙරිකානු ඒජන්සිය හරහා ලබාදීමට නියමිත බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.