27 C
Colombo
25/11/2024

රජයේ රෝහල්වල සායනවල ලියාපදිංචි රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් නිවසටම

Share with your friends :

රජයේ රෝහල්වල සායනවල ලියාපදිංචි වී සිටින රෝගීන්ගේ ඖෂධ තැපැල් මගින් ලබා දීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.

සායන වල ලියාපදිංචි රෝගීන්ගේ නිවෙස් වලට මසකට හෝ දෙකකට හෝ අවශ්‍ය ඖෂධ එලෙස ලබා දෙන බවද සෞඛ්‍ය අමාත්‍යංශයේ බෝ නොවන රෝග ඒකකය කියයි.

රෝගීන් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග පාලන ඒකකයේ දුරකථන අංක 0720 720 720 හෝ 0720 60 60 60 ඔස්සේ ලබාගත හැකිය.

Share with your friends :