ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයයට සහභාගී වීම හේතුවෙන් මාධවී ඇන්තනීද අත්අඩංගුවට ගෙන ඇත. ඇය ප්‍රසිද්ධ නළුවකු වන ජැක්සන් ඇන්තනී මහතාගේ දියණියයි. මාධවී ඇන්තනී ගේ ස්වාමි පුරුෂයා ද මෙසේ අත්අඩංගුවට ගත් පිරිස අතරේ වෙතැයි සදහන්ය. මෙම සැකකරුවන් අතර සිටී රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ මවද ඇතුළු හත් දෙනෙකු සිටිති.
අත්අඩංගුවට ගත් පිරිස අතර අනර්කලී නම් තරුණියක්ද වන අතර ඇය චන්දිමාල්ගේ ඥාතියෙක් යයිද වාර්තා වෙයි.
එම සාදයට සහභාගි වූ පියුමි හංසමාලි ඇතුළු 15 දෙනෙකු අත්අඩංගුවට ගැනීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදා හැරීමෙන් පසු දැනට නිරෝධායන සඳහා යොමු කර තිබේ.මේ අතර එම සාදය පැවති කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ සූපවේදියෙකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයිද වාර්තා වෙයි.
පසුව මෙම සැකකරුවන් 07 දෙනාට එක් අයකුට රුපියල් ලක්ෂය බැඟින් වූ පුද්ගලික ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් වයි. ප්රභාකරන් මහතා නියෝග කර ඇත.
මෙම සැකකරුවන් අතර සිටී රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ මව නිවෙස් නිරෝධනය සඳහා යොමු කරන ලෙසද අධිකරණය ලෙස ද අධිකරණය නියම කළේය.
මේ වන විට මෙම සිද්ධිය ට අදාළව රූපලාවණ්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි ඇතුළු පහළොස් දෙනෙකු ඇප මත මුදා හැර ඇති අතර ඔවුන් නිරෝධයනය සඳහා යොමු කර තිබේ .