27 C
Colombo
25/11/2024

ශ්‍රීලංකාවට කොවිඩ් එන්නත් සපයන බව අමෙරිකානු ජනපති බයිඩන් පවසයි

Share with your friends :

ශ්‍රීලංකාව අතුළු රටවල් සමූහයකට කොවිඩ් මර්දන එන්නත් සපයන බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පවසයි.
විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු පවසා අත්තේ අමෙරිකාව කොවිඩ් එන්නත් මාත්‍රා මිලියන 25 ලොව අනෙකුත් රටවල ට සපයන බවය.ඉන් කොටසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් වැඩසටහනට සැපයීමට නියමිතව තිබේ.
මේ අතරින් කොවිඩ් එන්නත් මිලියන හතක් ආසියානු රටවලට සැපයෙන අතර ශ්‍රීලංකාව , ඉන්දියාව,නේපාලය බංග්ලාදේශය,පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය, මාලදිවයින, මලයාසියාව,පිලිපීනය,වියට්නාමය,ඉන්දුනීසියාව, තායිලන්තය,ලාඕසය,පැපුවා නිව්ගීනියාව, තායිවානය හා පැසිෆික් දූපත් යන රටවල් අතර එම ප්‍රමාණය බෙදී යනු ඇත.
ශ්‍රීලංකාව වෙත ඇමරිකානු රජයෙන් වැක්සීන ආධාර ලබා ගැනීම සඳහා ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයේ වාසයකරන රොෂාන් පෙරේරා මහතා මුලිකත්වය ගෙන කටයුතු කළේය.
ඔහු නිව්යෝර්ක් කොන්ග්‍රස් සභිකාවක වන ග්‍රේස් මෙග් මහත්මිය සමග මේ සඳහා සාකච්ඡා පැවැත්වීය. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙලේ ආයෝජන බැංකුකරුවකු වන රොෂාන් පෙරේරා මහතා ශ්‍රීලංකාව සම්බන්ධ කටයුතු සඳහා කලක් තිස්සේ මුලිකත්වය ගෙන කටයුතු කරනු ලබයි.

Share with your friends :