මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් ප‍්‍රමාද කළ බවට චෝදනා එල්ල වූ හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් යැයි කියන ‘ඔලිම්පස්’ ඉදිකිරීම සමාගමේ කොන්ත‍්‍රාත්තුව අවලංගු කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා පවසයි.
මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට පොතුහැර දක්වා වූ දෙවන අදියරේ එම සමාගම සතුවූ ඉදිකිරීම් කොන්ත‍්‍රාත්තුව මෙසේ අවලංගු කළ බවත් ඉදිකිරීම් කඩිනමින් අවසන් කරන ලෙස අවස්ථා කිහිපයකදීම සිහිකැ`දවීම් කළ ද දිගින් දිගටම ප‍්‍රමාද කිරීම නිසා කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡුා කර මෙම තීරණය ගත් බවත් අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා කියයි.
මාර්ගයේ ඉදිකිරීමවලට මුදල් ප‍්‍රමාදයකින් තොරව ලබාදී තිබියදීත් ඉදිකිරීම් ප‍්‍රමාදවීම නිසා සැළසුම් කළ දිනට මාර්ගය විවෘත කළ නොහැකි වූ බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.