ශ්‍රී ලංකාවේ සිට ඉතාලියට ඇතුලුවිමේ තහනම් ජුනි 21 දක්වා ක්‍රියාත්මක කිරීමට එරට රජය තීරණය කර ඇත. ඒ අනුව ඉතාලියට ඇතුලු විමට අවසර ඇත්තේ ඉතාලි පුරවැසියන්ට පමණි.
කොරොනා ව්‍යසනයෙන් ඇතිවි තිබෙන්නා වූ හදිසි තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති අතර ඉන්දියාව, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව සඳහා දැනට ක්‍රියාත්මක කරන, ඉතාලියට ඇතුල්වීමේ තහනම ජුනි මස 21 දා දක්වා දීර්ඝ කිරීමේ එම නියෝගයට ඉතාලියේ සෞඛ්‍ය අමාත්‍ය රොබර්තෝ ස්පෙරන්සා අත්සන් තබා ඇත.
මෙම රටවලින් ආපසු පැමිණීමට අවසර දෙනු ලබන්නේ ඉතාලි පුරවැසිභාවය ඇති අයට පමණි.