කොරෝනා වෛරසය පාලනය සඳහා චීනයෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රාවක් ඩොලර් 15 ක මිලකට ශ්‍රීලංකාව මිලදී ගනිද්දී එය ඩොලර් දහයක බැගින් චීනය විසින් බංගලිදේශයට ලබා දී තිබේ. මෙම මිලදී ගැනීම කැබිනට් මණ්ඩලයද අනුමත කර ඇත.
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් පසුගිය 24 වනදා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව කට මෙසේ අනුමැතිය හිමිව ඇත.
එම මිල ගණන් යටතේ චීනයෙන් එන්නත් මාත්‍රා මිලියන 14 ශ්‍රී ලංකා විසින් මිලට ගැනීමට නියමිතව ඇත.
මේ අතර විවිධ එන්නත් විවිධ රටවල් විසින් විවීධ මිල ගණන් යටතේ මිලදී ගන්නා බවද මේ වන විට අනාවරණය වී තිබේ.