කොළඹ වරාය ආසන්නයේ ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඉදිරිපස සහ මැද කොටසේ ගින්න තරමක් අඩුවී තිබුණ ද පසු පස කොටසේ දැඩි ගිනි තත්වය පවතින්නේ යැයි නාවික හමුදාව පවසයි.
නෞකාව බේරාගැනීමේ මෙහෙයුම්වල නාවික හමුදාව ඇතුළු පාර්ශව අඛණ්ඩ නියැලි සිටින බවත් පවතින කාලගුණ තත්වය හමුවේ නැව බේරාගැනීම අභියෝගයක් බවට පත්ව ඇති බවත් නාවික හමුදාව කියා සිටී.
නෞකාවේ ප්‍රවාහනය කරමින් තිබූ බහලුම්වලින් සියයට 80 ක් පමණ මේ වන විට ගින්නෙන් විනාශ වී ඇති බවත් නෞකාව බේරා ගැනීම අවසන් උත්සාහය බවත් නාවික හමුදාව පවසයි.