27 C
Colombo
23/09/2024

කොවිඩ් -19 විධිවිධාන පනත් කෙටුම්පත ලබන මස පාර්ලිමේන්තුවට

Share with your friends :

කොවිඩ් වසංගත සමයේදී ජනතාවට සහන සැලසීම තහවුරු කිරීම සඳහාවු “කොවිඩ් 19 විධිවිධාන පනත් කෙටුම්පත ” පාර්ලිමේන්තුවට ලබන මස මුල් සතියේදී ඉදිරිපත් කෙරෙන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා පවසයි.

කොවිඩ් වසංගත කාලපරිච්ඡේදයේදී ඉටු කර ගැනීම මගහැරෙන යම් යම් ප්‍රශ්න පසුකාලීනව හෝ ඉටුකරගැනීම සඳහා ජනතාවට අවස්ථාව සැලසීම නීතියෙන් තහවුරු කිරීම හා වසංගත කාලයේදී ඔන්ලයින් ක්‍රමයට නඩු ඇසීමේ ක්‍රමවේදය නිත්‍යානුකුලව තහවුරු කිරීම යනාදීවු අරමුණු රැසක් මෙම පනත් කෙටුම්පත මගින් ඉටු කර ගැනීමට බලාපොරොත්තුවන බවද අධිකරණ ඇමතිවරයා කියයි.

පනත් කෙටුම්පත දැනට සකස් කර අවසන්ව ඇතැයිද එය ඉතා ඉක්මනින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා බව ද අලි සබ්රි මහතා සඳහන් කරයි.

කොවිඩ් පාලනය කිරීම සඳහා සහ කොවිඩ් කාල පරිච්ඡේදයේදී ජනතාවට සහන සැලසීම සඳහා නීති ඇතුළත් ගැසට් නිවේදන ගණනාවක් ද රජය පසුගිය කාලයේදී නිකුත් කළේය.

Share with your friends :