27 C
Colombo
24/11/2024

දැන් ලංකාව චීන යටත් විජිතයක්.. චීන කොලනියක්..- චන්ද්‍රිකා බණ්ඩාරනායක

Share with your friends :

අද වන විට ශ්‍රී ලංකාව වෙනත් රටක ආධිපත්‍යයට යට කර අවසන් බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.
වසර 450 ක පමණ කාලයක් බටහිර රටවල යටත් විජිතයක්ව පැවැති ශ්‍රී ලංකාව 48දී නිදහස ලබා ගැනීමෙන් පසු නැවතත් චීන කොලනියක් බවට පත් කර ඇතැයි ද ඇය චෝදනා කරයි.
චීන වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත කර ගනු ලැබුවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුවටද පිටින් යමින් බව ද ඇය පැවසුවාය.
එය නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී බවද ඇය පෙන්වා දෙයි.

Share with your friends :