27 C
Colombo
23/09/2024

කොවිඩ් දිනෙන් දින දරුණු අතට – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

Share with your friends :

කොවිඩ් වසංගතයේ දරුණු බව දිනෙන් දින වැඩිවෙමින් තිබෙන බව පැහැදිලිව දැන් පෙනෙන්නට තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඉදිරි සති කිහිපය ඉතා තීරණාත්මක වන අතර එම කාලය තුළ අපගේ ඉරණම කෙසේවෙනස් වනවාද යන්න තීරණය කරන්නක් වන හෙයින් සෞඛ්‍ය අංශ, රජය සහ ආරක්ෂක අංශ ලබා දී ඇති උපදෙස් අනුගමනය කරමින් කටයුතු කරන ලෙසත් එසේ නොවුණහොත් ඉතා භයානක තත්ත්වයක් ඇති විය හැකි බව එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කරයි.

මෙම පාර්ශව තුනෙන් කවුරු හෝ ක්‍රියකාරිත්වය අඩු කළොත් එය බරපතල තත්ත්වයකට ඇද ගෙන යාමක් විය හැකි බවද නිසි උපදෙස් අනුව ක්‍රියා කිරීමෙන් මෙය පාලනය කරගත හැකි හෙයින් පවතින දැඩි සංචරණ සීමා අතර දවසකට එය ඉවත් කිරීමෙන් තම තමන්ට අවශ්‍ය පරිදි හැසිරීමට ඉඩක් ලබාදී නොමැති බවත් අත්‍යවශ්‍ය දෙයක සඳහා පමණක් නිවසින් බැහැරට පැමිණ මේ කොවිඩ් මර්දන වැඩපිළිවෙලට සහය වන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ වන විට රෝහල් ධාරිතාවය ඉක්මවා යමින් තිබෙන බවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඉතා අපහසුවෙන් කටයුතු කරමින් සිටින බවත් එම තත්ත්වය තේරුම් ගෙන වැඩකරන ලෙසද වෛද්‍ය කොළඹගේ මහතා කියාසිටියි.

Share with your friends :