මැයි 31 වැනිදා දක්වා නිවාසවලින් පිටත පැමිණීම සීමා කර ඇත.
ඒ අනුව අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් නිවසකින් එක් පුද්ගලයෙකුට පමණක් පිටතට පැමිණිය හැකි අතර අදාල පුද්ගලයාගේ ජාතික හැඳුනුම්පත් අංකයේ අවසන් අංකය ඔත්තේ ඉලක්කමක් නම්, ඔත්තේ දිනවලදී නිවසින් පිටතට පැමිණිය හැකිය. අවසන් අංකය ඉරට්ටේ නම් ඉරට්ටේ දිනවලදී පිටතට පැමිණිය හැකිය. විදේශ ගමන් බලපත්‍ර සහ රියදුරු බලපත්‍රවල අවසන් අංකය මේ සඳහා වලංගු නොවේ.
මේ අතර දිනපතා රාත්‍රී 11 සිට අළුයම 04 දක්වා පනවා ඇති ඇඳිරි නීතිය ඒ අයුරින්ම ක්‍රියාත්මක වේ.
අත්‍යවශ්‍ය රාජකාරි සඳහා මෙම සීමා කිරීම් අදාල නොවේ.
කෙරෝනා දැඩි අවදානම හේතුවෙන් සම්පූර්ණයෙන් හුදෙකලා කර ඇති ප්‍රදේශවල එම හුදෙකලාභාවය ඉවත් කරන තුරු එම ප්‍රදේශවලින් පිටවීම සහ බාහිරින් පුද්ගලයන් ඇතුළුවීම සපුරා තහනම් වේ.