පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් පස් දෙනකු සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවල උද්ධෘත ඇත්නම් ඒවා ඉදිරිපත් කරන්නැයි නීතිපති දප්පුල ලිවේරා මහතා පොලිස්පතිට ලිඛිතව දැනුම් දී ඇත.
පාස්කු ප්‍රහාරයට අදාල සැකකරුවන් 42 දෙදෙනකු ඒ කාණ්ඩයේ සැකකරුවන් ලෙස නම් කර ඇතිි බව ද නීතිපතිරයා එම ලිපියෙන් අවධාරණය කර ඇත.
විමර්ශන නිසි පරිදි සිදු නොකිරීම නිසා තම ධූර කාලයේදි එම සැකකරුවන්ට එරෙහිව නඩු පැවැරීමට නොහැකි තත්ත්වයක් මතුවිය හැකි යැයි ද නීතිපතිවරයා දන්වා ඇතැයි ද වාර්තා වෙයි
මෙම මස අගදී නීතිපතිවරයා සිය ධූරකාලය සම්පූර්ණවීමෙන් පසු විශ්‍රාම ගැනීමට නියමිතය.
මේ අතර තමාගේ ධූර කාලය නිමවීමට පෙර, පාස්කු ප්‍රහාරය සැලසුම් කළ සහ ඊට ආධාර අනුබල දුන් කිසිවෙකුට එරෙහිව චෝදනා ගොනු කිරීමට තමාට හැකියාවක් නොලැබෙන බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා මහජනතාවට දැනුම් දෙයි.
නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී, රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනෙවිය සඳහන් කරන්නේ, එම පුද්ගලයින්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ නිම නොවීම ඊට හේතුව වී ඇති බව නීතිපතිවරයා විසින් පෙන්වා දුන් බවය.