කොවිඩ් -19 වෛරසය ආසාදනයවීම හේතුවෙන් තවත් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබේ.
ඊයේ (10) දිනයේ එම මරණ තහවුරු වු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධණ මහතා පවසයි.
එසේ මරණයට පත් වුවන් අතර තුන් මාසයක් වයසැති බිලිඳියක් ද වෙයි.
ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 827කි.