27 C
Colombo
20/11/2024

වහාම දැඩි සංචරණ සීමා පනවන්න-වෛද්‍ය සංගම් හතරක් ජනාධිපතිට ලිඛිතව දන්වයි

Share with your friends :

කොවිඩ් ව්‍යාප්තිය අනුව දැඩි සංචරණ සීමා පැනවීමට කටයුතු නොකළහොත් ඉදිරියේදී මහා ජාතික ව්‍යසනයක් මතුවනු ඇතැයි වෛද්‍ය සංගම් හතරක් එක්ව ජනාධිපතිවරයා වෙත ලිපියකින් දැනුම් දී තිබේ.

මේ වන විටත් ආසාදිතයින්ට රෝහල් ඇඳන් සහ ප්‍රතිකාර ලබාදීමේ සැලකිය යුතු ප්‍රමාදයන් සිදුවන බැවින් ඉදිරි සති තුනේදී සහ ඉන් පසු මරණ සංඛ්‍යාවේ ඉහළයාම් සිදුවිය හැකි බව එම සංගම් සිය ලිපියේ සඳහන් කර ඇත.

රෝගය පැතිරයාම ක්‍ෂණිකව පාලනය නොකළහොත් ඒ සඳහා වියදම් ද ඉදිරියේදී බරපතල ලෙස ඉහළ යනු ඇතැයි වෛද්‍ය සංගම් විසින් ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ දැක්වේ.

ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලක්කුමාර් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ අන්තර් විද්‍යාල කමිටුව වෙනුවෙන් මහාචාර්ය තමසි මකුළොලුව යන මහත්ම මහත්මීන්ගේ අත්සනින් එම ලිපිය යොමුකර ඇත. එසේම එම ලිපියේ පිටපත් සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි , ප්‍රාථමික සෞඛ්‍යාරක්ෂාව වසංගත හා කොවිඩ් 19 රෝග පාලනය පිලිබඳ රාජ්‍ය ඇමැතිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , ඖෂධ නිෂ්පාදන හා නියාමන පිළිබඳ රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන , ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී.ජයසුන්දර, කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ,සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීන්ට යවා තිබේ.

Share with your friends :